(යොහාන් භාසුර)
මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර සංචාරය කළ මහනුවර නගරයේ මාර්ගවල ස්ථාන විවිධ භාණ්ඩ තබා වෙන්කර පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසුව එය වැලැක්වීමට කටයුතු කළ බව මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මහනුවර ප්‍රධාන රාජ්‍ය ආයතනයක සේවකයන් යැයි කියන පිරිසක් වතුර බෝතල් සහ ඉටිරෙටි ඇතුළු විවිධ දේවල් තබා පෙරහැර සංචාරය කළ මාර්ගයේ ඉඩ වෙන්කර ඒවා ඉහළ මිලට අළෙවි කිරීමට සූදානම්ව සිටි බවත් ඒ පිළිබඳව දැනුවත්වීමෙන් පසුව පොලිසිය මැදිහත්වී එය වැලැක්වූ බවත් එම නිලධාරියා කීය.
මෙම වෙන්කිරීම කළේ යැයි කියන පුද්ගලයන් අයත් රාජ්‍ය ආයතනයේ ප්‍රධානීන් මේ පිළිබඳව දැනුවත් කළ බවත් පෙරහැර නැරඹීම සඳහා නිල වශයෙන් අලෙවි කළ ප්‍රවේශපත් ද එම රාජ්‍ය ආයතනයේ ඇතැම් සේවකයන්ගේ මැදිහත්වීමෙන් වැඩි මිලට අලළවි කළ බවට ද තොරතුරු ලැබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

