මහ බැංකුවේ වෝහාරික පරීක්ෂණ වාර්තාව මාස 3කින්


(අජන්ත කුමාර අගලකඩ)

මහබැංකුවේ බැදුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික පරීක්ෂන කඩිනම් කර එහි වාර්තාව මාස  තුනක් ඇතුළත ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී  මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වෝහාරික පරීක්ෂණයට අදාළ විදේශීය විශේෂඥයින් සොයා ගැනීම  සඳහා කඩිනමින් ටෙන්ඩර් කැඳවීමට ද එහිදී තීරණය කර ඇත.

එහි වාර්තාව මාස තුනක්  ඇතුළත ලබාගැනීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.