(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ " තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 කු ගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කොටුව පොලිසිය කියයි.
ඊට අමතරව සීසීටීවී දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා පැමිණිල්ල සිදුකර ඇත.
මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත වී ඇති බව ලද පැමිණිල්ලෙන් පැවසෙන බව පොලීසිය සඳහන් කරයි.

