මහ පෙරහරට ඉහළින් ඩ්‍රෝන යානයක් යැවූ විදේශකයෙකු අත්අඩංගුවට


(ෂේන් සෙනෙවිරත්න )

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ජනාධිපතිවරයාද නරඹමින් සිටියදී ඊට ඉහළින් අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශකයෙකුගේ ඩ්‍රෝන කැමරාව බිම හෙළීමට ගුවන් හමුදාව පියවර ගත්තේය.

මහනුවර වැව් ඉස්මත්තේ සංචාරක හෝටලයක සිට එම ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කළ පෘතුගීසි ජාතිකයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මෙම ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබී තිබේදැයි පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතී.