(ආරියරත්න රණබාහු)
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මහ කන්නයේ අක්කර අටලක්ෂ 200 වගාව සිදු කිරීම සඳහාමෙසේ වාරි ජලය මුදා හරින බව ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක විමල් රත්නසිරි ලන්දේ කුඹුර මහතා පැවසීය .
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා පරිමාණ ජලාශවල සියයට හැටක ජල ධාරිතාවක් පවතින බවද හෙතෙම කීය. මේ අතර මහවැලි කලාපවල අක්කර දෙලක්ෂ 47500 ක් වගා කිරීම සඳහාජලය මුදා හරින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක නිලන්ත ධනපාල මහතා පැවසීය.
එහෙත්පසුගිය ඔක්තෝබර් මාසයේ අපේක්ෂා කළ වර්ෂාවෙන් ලැබී ඇත්තේ සියයට පනහක් බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා අර පිරිමැස්සෙන් ජලය භාවිතා කරන ලෙස ඔහු ගොවින් ගෙන් ඉල්ලීමක්ද කළේය

