(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
උඩුගම, ගොනදෙණිය, ඇස්ටොප්වත්ත ප්‍ර දේශයේ දි මවගේ අත් පා බැද විසිහත් හැවිරිදි වියේ පසුවන ඇයගේ දියණියට පහරදි ඇය බලහත්කාරයෙන් පැහැගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු සෙල්ලකතරගම, හා ගාල්ලේ දි අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු තවත් තිදෙනෙකු සමග මෙකි කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ මවගේ අත්පා ගැට ගසා කුලිපදනම මත ලබාගත් වැගන්ආර් වර්ගයේ රථයකින් ඇය පැහැරගෙන ගොස් ඇති බැව් පොලිසිය පවසයි.
කාන්තාව පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු සෙල්ලකතරගම ප්‍ර දේශයේ නිවසක මෙකි කාන්තාව සමග සිටියදි අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 58 හැවිරිදිවියේ පසුවන ගල්රොල් රථ රියදුරෙකි. මොහු සමග පැමිණි අනික් සැකකරුවන් තිදෙනා ගාල්ල කුරුන්ද ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.
පැහැරගත් කාන්තාව එක්දරු මවක් වන අතර ඇයගේ නිත්‍යානුකුල සැමියා ඇයගෙන් වෙන්වි ඇත.

