
(උපුල් හේරත් සහ බී.ජි.චතුරංග)
වෙන්නප්පුවේ සිට මඩු වන්දනාව සදහා පැමිණි නඩයක සිටි 17 හැවිරිදි සිසුවකු මල්වතූඔයේ දිය නාද්දී අතුරුදන් වී ඇතැයි තන්තිරිමලේ පොලීසිය කියයි.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ වෙත්නප්පුවෙි සිට පැමිණි සතිෂ්ක අරෝෂන් නමැති 17 හැවිරිදි සිසුවෙකි.
තන්තිරිමලේ බෝගොඩ යුද හමුදා කදවුර ආසන්නයෙන් ගලා යන මල්වතු ඔයට බැස නාද්දී මෙම සිසුවා අතුරුදන් වී ඇත.
තන්තිරිමලේ පොලිසිය සහ බෝගොඩ යුධ හමුදා කඳවුරේ සෙබළුන් සිසුවා සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.

