( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ මහාධිකරණයෙන් මීට මාස දහයකට පෙරදී මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයෙක් මොරන්තුඩුව මෙනේරිහේන්තුඩුව නිවසක සැඟවී සිටියදී අද (29 )අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කදවුර කියයි.
2006 වසරේ දී බෙල්ලන්විල මයුර මාවත පදිංචි දේවගේ සුරංගන රුවන් කුමාර නමැත්තා පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2010 වසරේ සිට කොළඹ අලුත්කඩේ මහධිකරණයේ විභාග වූ නඩුවකින් අනතුරුව මීට මාස දහයකට ඉහතදී සැකකරු නොමැතිව මෙම තීන්දුව ලබාදී තිබු බව පොලිසිය කියයි.
මරණීය දණ්ඩනය නියම වූ එම පුද්ගලයා පොරගේ ක්‍රිශාන් පෙරේරා 44 නැමැත්තෙකි