IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


දානිගල කන්දේ අතරමං වූ සිසුන් හතරක් බේරා ගැනෙති

(නිමල් ජයරත්න)

ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් සිසුූන් සිව්දෙනකු,  පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අරලගංවිල විශේෂ කාර්ය බළකාය, අරලගංවිල පොලිසිය හා දම්මින්න දෙවන අණදෙන රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් සමත් වූහ.

මොවුන් 27 වෙනිදා උදෑසන දානිගල තරණය කර තිබෙන අතර, අතරමං වීමෙන් අනතුරුව ඔවුන් කෑකෝ ගසන හඩ කන්දේම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඒ බව අරලගංවිල පොලිසිය දැනුවත්කොට තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිව්දෙනා සොයාගැනීමට හැකිවී තිබේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි පසුවූ තරුණයන් දෙදෙනකු මැදගම යහළුවන්ගේ නිවසට පැමිණ තිබෙන අතර එම යාළුවන් දෙදෙනාද කැටුව සිව්දෙනා දානිගල කන්ද තරණය කර තිබෙන අතර එහිදි ඔවුන් කඳු මුදුනේ අතරමං වී තිබෙන අරලගංවිල පොලිසිය කියයි.

 



අදහස් (0)

දානිගල කන්දේ අතරමං වූ සිසුන් හතරක් බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 209 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 554 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site