IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


‘‘හිරේ ගියත් බදු ගෙවිය යුතුයි‘‘

(රෝෂන් තුෂාර)

බදු මුදල් නොගෙවා පැහැර හරින පුද්ගලයන්ට අධිකරණය නියම කරන සිර දඬුවම එම බදු මුදල් තවදුරටත් නොගෙවා සිටීමට ආධාරකයක් නොවන බව දෙශීය ආදායම් කොමසාරිස්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ සිර දඬුවම් විඳී වගඋත්තරකරුවකුගෙන් යළි එම බදු අයකර ගැනීමට දේශීය ආදායම් කොමසාරිස් කාර්යාලය දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරන බවය.

රුපියල් ලක්ෂ 466 මුදලක් රජයට ගෙවීම පැහැර හැරියේ යැයි කියන ව්‍යාපාරිකයකු ,එම මුදල ආපසු රජයට ගෙවීමට තරම් වත්කමක් නොමැති බැවින්, අධිකරණය නියම කර ඇති මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම විඳින බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නීතිඥ දිනේෂ් පෙරේරා මහතා එසේ පැවසීය.

2019 වසරට අදාළව රුපියල් 46698028.55 ක වැට් බදු නොගෙවා පැහැර හැරි ව්‍යාපාරිකයෙකු මෙසේ සිරදඬුවම් විඳීන බවට ප්‍රකාශ කළේය.

අදාල ව්‍යාපාරිකයාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් බදු නොගැවීමට එරෙහිව 2024 වසරේදි අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

අදාළ පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පසුගිය අප්‍රේල් 28 වෙනි දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ අදාල හිඟ බදු මුදල් මාසයක් ඇතුළත අධිකරණයට ගෙවන ලෙසය.

බදු මුදල් යළි ගෙවනවාද නැද්ද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර ව්‍යාපාරිකයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ තමන්ට බදු මුදල් ගෙවීමට නොහැකි බැවින් සිර දඬුවම් විඳින බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතීඥ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ සිරිදඩුවම් විඳීමෙන් බදු මුදල් ගෙවීම අහෝසි නොවන බව ය.

 



අදහස් (2)

‘‘හිරේ ගියත් බදු ගෙවිය යුතුයි‘‘

Sanath Wednesday, 28 May 2025 07:58 AM

එක වැරැද්දට එක දඬුවමකට වඩා නියම කරන්න බැහැ.

:       16       4

කුකුල් චමින්ද Wednesday, 28 May 2025 10:29 AM

සනත් වගේ කට්ටිය ඉන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවේ, සොලිසිටර් ජෙනරාල් තනතුරේ. එතකොට රටට අබ සරණයි.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 210 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 554 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site