(යොහාන් භාසුර)
අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ එම පක්‍ෂයේ තරුණ සංවිධානයේ කාර්යාලය විවෘත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. අලුත් රටවක් වෙනුවෙන් තරුණයක් මෙහෙයවනවා මිස රට ගිනි තැබීමට තරුණයක් ක්‍රියාත්මක නොකරන බවත් ජනාධිපතිතුමාට හිතෙනවා නම් ඔවුන්ගේ මන්ත්‍රීවරු 159 න් වැඩකක් නෑ කියා අවුරුදු දෙකහමාරෙන් ආණ්ඩුව විසුරුවා හැකි බවත් ඒ මහතා කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අලුත් ගමනක් යායුතු යැයි විශ්වාස කරන නිසා තරුණ පෙරමුණ ලෙස ශ්‍රී ලංකාවට ගැලපෙන ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යෑම ආරම්භ කළ බවත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ සංවිධානයට නව කාර්යාලයක් විවෘත කළ බවත් ඒ මහතා පැවසීයෙ
ආර්ථික, සාමාජීය සහ දේශපාලන ප්‍රතිත්තියක් සමඟ දේශපාලනය කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබෙන බව කී නාමල් රාජපක්‍ෂ මහතා ඇතමුන් මැතිවරණ කාලයේදී තරුණයන්ට අසීමිත බලාපොරොත්තු දෙන බව ද සඳහන් කළේය.
ෙයහපාලන ආණ්ඩුව නංගිට තෙමෙන්නෙ නැතුව යන්න පුංචි කාර් එකක් දෙන්න පොරොන්දු වුණත් අවසානයේ නංගිට බස් එකේ යන්න බැරි තත්වයට ආර්ථිකය වැටුණු බවත් වර්තමාන ආණ්ඩුව ලක්‍ෂ 12 කට කාර් එකක් දෙන්නේ යැයි පොරොන්දු වූ බවත් නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.ො
රැකියා සහ කාර් පෙන්වා තරුණ පරම්පරාව නොමඟ යවන දේශපාලන සංස්කෘතියක් ඇති බවත් එම සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවට ඩිජිටල්කරණය ආරම්භ කර ඉදිරියට යෑමට සිදුවෙන්නේ නාමල් රාජපක්‍ෂ ඩිජිටල් අමාත්‍යවරයා නැවතූ තැනින් බවත් 2002 වසරේ යූඅයිඩී එකේ ටෙන්ඩර් පටිපාටියත් ආරම්භ කර ඉන්දියාව ඩොලර් මිලියන 80 ක ආධාරයක් ද දුන් බවත් අරලයත් සමඟ අප්‍රේල් මස තමන් ඇමති ධූරයෙන් ඉවත්වීමත් සමඟ එම වැඩපිළිවෙළ ද අවසන් වූ බවත් ඒ මහතා කීය.