මන්ත්‍රී රක්ෂණාවරණය අඩු කරයි


(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023 -05-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, පසුගිය කාල සීමාව තුළ අදාළ රක්ෂණාවරණයන් සලසා දී ඇත. 2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වූ රුපියල් 1,000,000/ - ක රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000/- දක්වා අඩු කිරීමට යෝජනා කරන ලදී.

 ඒ අනුව, 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000/- ක් දක්වා සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.