(අජන්ත කුමාර අගලකඩ)
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපතිවරයා හමුවීමට හවුල් පක්ෂ නවයේ නායකයන් තීරණය කර ඇත.
විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් මෙන්ම, අතුරලියේ රතන හිමියන් ද රුසියානු තානාපති යුරි බී මතිරේ මහතා ඉදිරියේ දින කිහිපයේදී හමුවීමට නියමිතය .
සහන ණය කොන්දේසි යටතේ ලංකාවට ඉන්ධන ලබාදෙන්නැයි ඉල්ලීමක් කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බව හවුල් පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.