මන්ත්‍රී ජීවිත හා දේපළ රකින්න විශේෂ වැඩපිළිවෙළක් හදන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම  තර්ජනයක් වන හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ දේපොළ සහ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පොලිස්පතිට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව කී කතානායකවරයා මන්ත්‍රී වරුන්ගේ මෙන්ම ඔවුන් පදිංචි පදිංචි ස්ථාන වල ආක්ෂාව වැඩි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද  කතානායකවරයා කීය.