මධූෂ්ගේ - ගෝලයාගේ නිවසින් ගිනිඅවි ඇතුළු හමුදා ඇඳුම් කට්ටල


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ඩුබායි හීදී පොලිස් අත්අඩංගුවට ගත් දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ හා ඔහුගේ ගෝල බාලයින්ගේ නිවෙස් අද (8) පරික්ෂා කිරීමේ මෙහෙයුමේ දී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගත් බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් අනුව මාතර දිස්ත්‍රික්කය පුරා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මධූෂ්ට අයත් මාකඳුරේ පිහිටි නිවස හා ඔහුගේ පුංචි අම්මාට අයත් නිවස ද සෝදිසි කර තිබු අතර සැකකටයුතු කිසිවක් සොයා ගත නොහැකි වී තිබුණි.

මදුෂ්ගේ නිවස වටා සී.සී.ටී.වී.ආරකාෂිත කැමරා පද්ධතියක් සවිකර තිබිණ.

තම දරුවාද මධූෂ් විසින් ඩුබායි වලට රැගෙන ගොස් තිබෙන බවත් එම දරුවා ගෙනවිත් දෙන්නැයි මධූෂ්ගේ පළමු විවාහයේ බිරිඳ එහිදී පොලීසියෙන් ඉල්ලීමක් ද කර තිබේ.

යුද හමුදා ඇඳුම් කට්ටල නවයක් ,කැමා ඇදුම් තුනක්,යුද හමුදා හිස් වැසුම් දෙකක්,ඉන පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතොරම් 11 ක්, හිස් පතොරම් කොපු 37 ක් කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක්  පොලිස් බාරයට ගැණිනි.