මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වහයි


( ෂේන් සෙනවිරත්න)

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු මහනුවර පිහිටි එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා එහි නිලධාරීන් 41 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට පියවර ගත් බව ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

අද (23) නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ගෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වාර්තා වලින් කොටසක් ලැබීමෙන් පසු එහි නිලධාරීන් 05 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වසා දැමීමට පියවර ගැනුණි .

මීට පෙර ද එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ අතර එහෙයින් නිලධාරීන්ගේ සිදුකළ පි.සි.ආර්.  වාර්තා තවත් කොටසක් ලැබීමට නියමිතව තිබෙන බවද ඉහළ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .