
(යොහාන් භාසුර)
මධ්‍යම තැපැල් හුවමාරුවට බ්‍රිතාන්‍යයෙන්, ජර්මනිය සහ කැනඩාව යන රටවලින් එවූ පාර්සල් 10 ක තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු තැපැල් තක්සේරු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
එම සැක සහිත පාර්සල් භාරගැනීමට හිමිකරුවන් නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ යන නිලධාරීන් එම පාර්සල් අද (24) විවෘත කළ බවත් එම පාර්සල්වල තිබී රුපියල් 23,850,000 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 385 ක් සොයා ගත් බවත් රේගුව කීය.

