(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට මෝටර් රථයකින් විදේශීය මත්පැන් හා නීති විරෝධි අන්දමින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් විකිණීම සඳහා රැගෙන ආ බව කියන පොලිස් ක්‍ෂ්‍රේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අද (28) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මත්පැන් බෝතල් දහයක් සහ දුම්වැටි බන්ඩල් හයක් සැකකාර පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
රාත්‍රී සමාජ ශාලාවක් වෙත විකිණීම සඳහා තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් හා දුම්වැටි රැගෙන පුද්ගලයෙකු පැමිණ ඇති බව කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූ පොලිස් පරීක්ෂකවරයා මීට පෙරද ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු වැඩ තහනමට ලක් වූ අයෙක් බව ද පොලිස් නිලධාරියෙකු පැවැසීය.
සැකකරු පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

