මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් මුහුදේ ගිල්ලූ පාකිස්තානුවෝ අත්අඩංගුවට ගනී


(යොහාන් භාසුර)

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් ජාත්‍යන්තර මුහුදේ ගිල්ලූ පාකිස්තානු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ   නවීණ තාක්‍ෂණයෙන් යුත් යාත්‍රාවක් පොලිසිය සහ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමකට සූදානම් වන බව හදුනාගැනීමෙන් එම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය තොගය මුහුදට විසිකළ ආකාරය ආරක්‍ෂක අංශ නිරීක්‍ෂණය කළ බව කී පොලිසිය ඒ අනුව අදාල ජාවාරම්කරුවන් සහ යාත්‍රාව අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.  

මඩකලපුව පොලිසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදා සහ සහ පොලිස් එකාබද්ධ කණ්ඩායමක් උපාය දූතයින් යොදාගනිමින් ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  සමඟ සම්බන්ධ වී යාත්‍රාවට සමීප වූ බවත් එහිදී ජාවාරම්කරුවන් ආරක්‍ෂක අංශ හදුනාගැනීම නිසා මෙසේ හෙරෙයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 පමණ තොගය ගැඹුරු මුහුදට විසිකර කළ බවත් පොලිසිය කියයි.

සැකකරුවන් සහ යාත්‍රාව හෙට (3) මඩකලපුව පොලිසිය වෙත බාර දීමට නියමිතව බව ද පොලිසිය වැඩි දුරටත් කීය.