මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා  පැවසීය.

මත්තල ගුවන්තොටුපළ සෑදීමට රුපියල් කෝටි 3650 ක් වියදම්වූ බවද ඔහු සඳහන් කළේය.

එදා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට මාසයකට ලක්ෂ එකසිය තිස් හතරක් වැය වූ නමුත් වර්තමාන කාර්ය මණ්ඩලයට වැය වන්නේ ලක්ෂ විසි තුනක් පමණක් බවද රත්නායක මහතා කීවේය