IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


අලුත් ත්‍රස්ත විරෝධී පනත ගැන එ,ජා නියෝජිතයන් සමඟ කතා කරයි

(අංජුල මහික වීරරත්න)

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සදහා පත් කළ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාර දක්වා සිටි අතර එහිදී ඒ සම්බන්ධයෙන් අර්ථ නිරුපණ පිළිබඳ විමසා සිටියේය.

ත්‍රස්තවාදය වැලැක්වීම සම්බන්ධව අර්ථ නිරුපණය කිරීමේදී එය මෙරටට මෙන්ම ජාත්‍යන්තරයට ද සුදුසු ආකාරයේ අර්ථ නිරුපණයක් විය යුතු බව මෙහිදී සාකච්ඡා වු අතර ශ්‍රී ලංකාවට ටැන්සානියාවේ පවතින ත්‍රස්ත විරෝධි පනතේ අඩංගු අර්ථ නිරූපණය සුදුසු දැයි අධ්‍යයනය කළ යුතු බව යෝජනා වීය.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නිර්දේශ ද ඇතුලත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් විය.



අදහස් (0)

අලුත් ත්‍රස්ත විරෝධී පනත ගැන එ,ජා නියෝජිතයන් සමඟ කතා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 85 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2217 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 687 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site