මත්කුඩු - ගිනි අවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 
 
මීගොඩ ප්‍රදේශ දෙකකින් සිදු කළ වැටලීම් දෙකකින් ලක්ෂ 4 කට ආසන්න මත්කුඩු සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි .
 
 මත්කුඩු ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 370 ක් සහ මෙරට නිෂ්පාධිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත .
 
 මීගොඩ කෙම්පෙයාහේන ප්‍රදේශයේ දී මත්කුඩු ග්‍රෑම් 15 ක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් ද මී ගොඩ කජුගහ යටදෙණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙක්  මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 270 ක් ද පොලිස් භාරයට ගෙන ඇත .