(විශේෂ වාර්තාකරුවකු)
විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව ශාන් අරෝෂ් ජයසිංහ නොහොත් මතුගම ශාන් නමැත්තාගේ 40 වැන උපන්දිනය සමරා 1000කට ආසන්න පිරිසක් උදෙසා සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මතුගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක සාදය පවත්වා ඇතැයි දැනගන්නට ඇත.
ඒ සඳහා මෑතකදී ආරම්භ කරන ලද දේශපාලන පක්ෂයකට කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟවදින හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සමග මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරීන්,ටෙලි නාට්‍ය නළු නිළියන්,ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇතැයි කියයි.
එම ක්‍රීඩකයා එම හෝටලයේ උත්සව ශාලාවේ සෑම මේසයක් වෙතම ගොස් එහි සිටි පිරිස සමග කෙටි පිළිසඳරක යෙදෙමින් එමගින් දේශපාලන වාසියක් ද ලබා ගැනීමට කටයුතු කර ඇත.
සාදයට සහභාගී වූ බහුතරයක් දෙනා ආරාධනාව ඉවත දැමීමට නොහැකි වීම හේතුවෙන් සහභාගී වී ඇති අතර ආහාරපාන ලබා ගැනීමෙන් අනතුරුව වේලාසනින්ම පිටවී ඇතැයි දැනගන්නට ඇත.

