මත් ජාවාරම්කරුවෙක් ගමට වවුචර් බෙදලා


(විශේෂ වාර්තාකරුවකු විසිනි)

සංවිධානාත්මක අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් පන්දහසක් වටිනා තෑගි වවුචර බෙදා හැර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම වවුචර පත් සමග පුංචි දුවේ පුතේ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් අත් පත්‍රිකාවක් ලැබීමට සලස්වා ඇතැයි ද වාර්තා වෙයි

ඔමු රන් මාලයක්ද පැළඳ සාටකයක් පැළඳ සිටින ඡායාරූපයක් ද  සහිතව එය මුද්‍රණය කර ඇති අතර "මේ කාලේ අපේ රටට වගේම ඔයාලගේ අම්මා තාත්තට බොහෝම අමාරු අඟහිගකම් වලින් දුක් දොම්නස්වලින් පිරිච්ච කාලයක් කියලා සලිදු මාමා දන්නවා.

"ඒ නැති බැරිකම දුක වැඩියෙන්ම දැනෙන්නේ ඔයාලටත් කියල මම දන්නවා පුතේ

"ඉතින් මම අද ඔයාලගේ දෙමව්පියන් අතේ පුංචි තෑග්ගක් එවනවා.

ඔයාලට දෙන්න කියලා. ඔයලා අම්මලත් එක්ක ෆුඩ් සිටි ගිහින්  ආස කරන ඕනම කෑමක් ගන්නකෝ, එහෙනම් ඔයාලට බුදු සරණයි ! යනුවෙන් එහි සඳහන් කර  ,අධ්‍යක්ෂක මූල්‍ය හා සේවා,ලියොන්ඩ්‍රා රොයල් හෝටල් සමූහ,ෆ්‍රැන්ක්ෆර්ට් ජර්මනිය යනුවෙන් සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

පවුල් 60ක එම තෑගි වවුචර පත් බෙදා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එකී වවුචර පත් බෙදා හැර ඇත්තේ එම පළතුරු පැළ වෙළඳාමේ නිරත පුද්ගලයෙක් හරහා බවද දැනගන්නට ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් ද නිලධාරීන්ට ලිඛිතව දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.