(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර හිරන මාලමුල්ල කෝන්ගහකොටුව ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා මත් කරල් තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11,080 ක් මෙන්ම මත්කරල් 5000 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට හිරන පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමෙන් අනතුරුව නිවස වටලා සිදුකළ සෝදිසියේදී නිවස තුළ කාඩ්බෝඩ් පෙට්ටියක බහා සඟවා තිබූ මෙම මත්කරල් තොගය සොයා ගැනීමට හැකිවී ඇත.