(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුදුර් ප්‍රදේශයේ රථ වාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදි එක් ඔවුන් සතුව තිබු රිවොල්වරයක් රැගෙන ගිය යතුරුපැදිකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පුද්ගලයින් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑ පොලිස් නිළධාරින් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පොලිස් නිළධාරින් දෙදෙනා පුදුර් ප්‍රදේශයේ රථවාහන රාජකාරි කරමින් සිටියදි හෙල්මට් නොමැතිව ධාවනය වු යතුරු පැදියක් නැවත්විමට කටයුතු කර තිබේ . ඉන් පසුව යතුරු පැදි කරැවන් නොවත්වා ධාවනය කිරිමට ගිය අවස්ථාවේ ඔවුන් වාහනයක ගැටි ඇති අතර පසුව අවට සිටි පිරිස් පැමිණ පොලිස් නිළධාරින්ට පහරදි ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
පහරකෑමෙන් තුවාල ලබා සිටින පොලිස් නිළධාරින් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරු පැදියේ ගිය දෙදෙනාද මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් නිළධාරියාගේ පැහැර ගත් පිස්තෝලය හමු නොවි ඇති අතර මේ පිළිබදව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂන පවත්වමින් සිටි. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත මඩකලපුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතාගේ මෙහයවිමන් මඩකලපුව මුලස්ථාන පොලිස් පරීක්ෂක දිගහවතුර මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

