
(යොහාන් භාසුර)
ජනතාවට සහන සැළසීම සඳහා භූමිතෙල්වලට ලබාදී තිබෙන සහනයෙන් වෙනත් පිරිසක් අනිසි ලාභයක් ලැබීම නිසා ඉදිරියේදී භූමිතෙල් සම්බන්ධයෙන් නියාමනයක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (2) පැවසීය.
බස් රථ භූමිතෙල් භාවිතා කිරීමෙන් බස් රථ හිමියන් ජනතාවට දෙන සහනාධාරයත් ලබාගෙන ඩීසල් මිල වැඩිකිරීමට ලබාදුන් ගාස්තු වැඩි කිරීමේ වාසියත් ලබාගන්නා බව කී අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඒ හේතුවෙන් භූමිතෙල් සඳහා වෙනම නියාමනක් ඇති කරන බව ද සඳහන් කළේය.
ධීවරයන්, වතුරකයේ ජනතාවට සහ එදිනදා කටයුතු සඳහා භූමිතෙල් පරිභෝජනය කරන ජනතාවට සහනය සෘජුව ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

