(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම මිල අඩු කිරීම අද (22) සිට ක්‍රියාත්මක වන බව ද ලංකා සතොස කියයි.
ඒ අනුව හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 145 කින් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 40 කින් සහ කඩල කිලෝවක මිල රුපියල් 38 කින් අඩු කළ බවත් ඒ අනුව හාල්මැස්සන් කිලෝවක නව මිල රුපියල් 950 ක් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 250 ක් ද, කඩල කිලෝවක නව මිල රුපියල් 450 ක් ද, බවට පත්වූ බව ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

