
(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින බව හංවැල්ල පොලිසිය පවසයි
බිරිය ඝාතනය සදහා එම සැකකරු අදාල නිවසට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී කාන්තාව නිවසින් පලා යාමත් සමග් වයස අවුරුදු 10 ක දැරියක් සහ වයස අවුරුදු දෙකක පුතකු අත් බෝම්බයක් සමග එම නිවසේ ඉහල කාමරයක සිර කර ගෙන සිටින බවත් පොලිසිය පවසයි
මේ වන විට බෝම්බ නිශ්ක්‍රීය අංශයද අදාල ස්ථානයට පැමිණ ඇති අතර අත් බෝම්බයේ අගුල ඇර ගෙන දරුවන් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.



