(ගයාන් සූරියආරච්චි)
ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ සිටි ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 32 සහ 45 වියේ පසුවන ධීවරයන් දෙදෙනෙකි.
දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා මොහොත්තුවාරම් කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු සිදුකරමින් සිට ඇති අතර එම මුහුදු තීරයට පැමිණි බොට්ටුවක ඔරුව ගැටී ඇති අතර ඔරුවෙහි සිටි ධීවරයා දියේ ගිලී අතුරුදන්වී ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්වී ඇත්තේ ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම් ප්‍ර දේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇත.
බෝට්ටුවේ සිටි ධීවරයන් විසින් ඔරුවෙහි සිටි ධීවරයා සිතා මතා බෝට්ටුවෙන් හැප්පුවේ යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.