(නිමල කොඩිතුවක්කු)
හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට (11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
පොලිස් මූලස්ථානයේ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා මේ බව පැවැසිය.
පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ ධූරය උසස් කිරිම සම්බනධයෙන්ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමඟ සාකචඡා කරන බවත් ඔහු එහිදි පැවැසීය.
දරුවන් තිදෙනෙකුගේ පියකු වන ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා 1989 වසරේදී උප පොලිස් පරීකෂකවරයකු ලෙස සේවයට එක්ව ඇති අතර ඔහු 2018 වසරේ නොවැම්බර් 10 වනදා සිට බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.
බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.

