බේරුවලත් මීතොට මුල්ලක් හැදෙන්න හදනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බේරුවල නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය නිසා මහා කුණු කන්දක් නිර්මාණය වී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර්  මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කුණු කන්ද නිසා මීතොට මුල්ලේ සිදු වූවාක් මෙන් විශාල ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බවද බාකීර් මාකර් මහතා කීය.

අඩු ආදායම් ලබන පිරිස් සිටින පෙදෙස් වලට මේ කුණු බැහැර කරන බව කී බාකීර් මාකර් මහතා බේරුවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකීම තිබෙන්නේ පළාත් සභාවට නොව සෘජුවම මධ්‍යම ආණ්ඩුවට බව කීය. 

සෞඛ්‍ය,පාරිසරික  මෙන්ම පළාත් පාලන ආයතන ඇතුළුව සියලු පාර්ශ්ව ඉක්මනින් කැඳවා බේරුවල කුණු කන්ද ඉවත් කිරීමටත් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව තිරසාර විසඳුමක් ලබාදීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස බාකීර් මාකර් මහතා පැවසීය.