(නිමන්ති රණසිංහ)
බූස්ස බන්ධනාගාරයේ අවි ගබඩාවේ තිබූ අවි 12ක් රත්ගම පොලීසියට භාරදී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරාධපුර බන්ධනාගාරය මෙන් මෙම බන්ධානාගරය තුළද යම් හෝ කැරැල්ලක් ඇතිවුවහොත් එම ආයුධ රැඳවියන් වෙත යාම වලකාලීමට බලධාරීන් මෙම පියවර ගෙන ඇති අතර, එම බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
බන්ධනාගාරය භාරයේ එහි අවි ගබඩාවෙ තිබූ ටී 56 ගිනි අවි 12ක් එලෙස රත්ගම පොලීසිය භාරයට පත්කරනු ලැබ ඇත.

