බුදුන්ට පූජා කළ බිලිඳු දරුවා රෝහලට රැගෙන


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරයට යන මාර්ගය ආසන්නයේ පිහිටි බුදු පිළිමය යට දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳකු  සොයා ගත් බව වත්තේගම පොලිසිය පවසයි.

එම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙම දරුවා බුදුපිළිමය යට තබා ගොස් තිබෙන අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැක රෝහල්ගත කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම මිනිස්සු දරුවා නිරෝගී සුවයෙන් පසුවන බව වත්තේගම රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

බිලිඳා බිහිකළ මව ගැන තොරතුරු හෙළි කර ගැනීමට ද වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

එම දරුවා එම ස්ථානයේ දමා ගිය අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.