රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (8 වැනිදා) දහවල් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව හමුවට කැඳවූ සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතු මත සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

