බිංගිරියේ ඇඟළුම් හලකට එරෙහිව විරෝධතාවක්


(වික්ටර් සෝමවීර)

බිංගිරිය විලත්තව දුමිමලසුරිය ප්‍රදේශයේ ඇගලුමි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී  ඇති බවට පැතිර ගිය කටතතාවක් හේතුවෙන්  එම කර්මාන්ත ශාලාව වසා දමන්නැයි ඉල්ලා විලත්තව ඇතුලු අවට ප‍්‍රදේශවල වැසියෝ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ.

පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවය පැවැති අතර කර්මාන්ත ශාලාවෙී සේවය කිරීමට බස්රථ වලින් රැගෙන එන සේවක සේවිකාවන් කමිහලට රැගෙන ඒමේදී විරෝධතා කරුවන්ගෙන් බාධා ඇතිවිය.

තත්වය පාලනය කිරීමට දුමිමලසූරිය බිංගිරිය සහ හෙටිටිපොලින් පොලිස් නිළධාරින් මෙන්ම  පොලිස් කැරලි මර්ධන ඒකකද යොදවා තිබිණි.