බෑණාගේ පිහි පහරින් මාමා මරුට


(සුමිත් ප්‍රේමතිලක)

පානදුර,පින්වත්ත ප්‍රදේශයේ දී මාමණ්ඩියක සහ බෑණා අතර ඇති වූ ගැටුමකින් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑ මාමා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර , තල්පිටිය , දූව පාරේ පදිංචිව සිටී කේ.පී. මනෝහර් නැමැති තිදරු පියකු බව පොලිසිය කීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාර බැණෑ ඝාතනයට යොදා ගත්  පිහිය ද සමග පොලිස් භාරයට ගෙන තිබේ.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් පරීක්ෂණ සිදුකර තිබේ.