(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ තරුණයෙකු අරණායක පොලිසිය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අරණායක පදිංචි 21 හැවිරිදි අයෙකි.
මෙම සැකකාර තරුණයා මීට මාස 6කට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය රවටාගෙන ඔහු පදිංචි අරණායක ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත්, ඇය විවාහ කරගන්නා බව පවසා ඇය සමග අඹු සැමි ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මාස කිහිපයක් ගතවිමෙන් පසු දැරිය ගැබ්ගැනීම නිසා තරුණයාගේ මව්පියන් විසින් දැරිය තරුණයාට විවාහ කරදීමට විවාහය ලියාපදිංචි කිරීමට 5 වැනිදා ගොස් ඇති අතර එහිදි දැරියගේ උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමේදි ඇය බාල වයකාර දැරියක බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් වීමෙන් පසු අරණායක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර 21 හැවිරිදි තරුණයා සාමසර කන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.පස් මස් ගැබිනි දැරිය රෝහල් ගත කර සිටී.

