බාල දක්ෂ සිසුවාගෙන් රතනසාර විදුහලට පරිගනක විද්‍යාගාරයක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මිනුවන්ගොඩ ජනාධිපති වීද්‍යාලයේ සිසුවෙක් පොල්වත්ත රතනසාර මහ විදුහලට ලබාදුන් නව පරිගනක සහිත ප්‍රතිසංස්කරණය කරන ලද පරිගනක විද්‍යාගාරය ඉකුත් දා විවෘත කෙරිණි.

ජනාධිපති බාලදක්ෂ ප්‍රදානයට අදාල ප්‍රජාසේවා ව්‍යාපෘතිය ලෙස ජ ඊ.බානුක හර්ෂජිත් සිල්වා සිසුවා මෙම පරිත්‍යාගය කළේය.

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති තිලක්මන් පද්මසිරි මහතා හා එක්ව බානුක හර්ෂජිත් සිල්වා සිසුවා එහි පීත්ත පටිය කපා සිහිවටන ඵලකය නිරාවරණය කරනු ලැබීය.

සිසුවා ගේ මෙම පරිත්‍යාගයේ මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ හතර ඉක්මවන බව හෙලිවිය.