බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී ලාංකිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට‍


(සිරංගිකා ලොකුකරවිට)

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනයන් හිදී මොවුන් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් අතර කාන්තාවක ද සිටින බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

කාන්තාව වයස අවුරුදු  35 ක තැනැත්තියක් වන අතර අනෙක් තිදෙනා අවුරුදු 35,39 සහ 41 වයසේ පසුවෙති.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට 1984 පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේය.

2000 වර්ෂයේ ත්‍රස්තවාදී පනත යටතේ පිරිමි පුද්ගලයින් තිදෙනා බන්ධනාගාර ගතකර ඇති අතර කාන්තාව ඇප පිට මුදාහැර ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය නාගරික පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.