(ජේ.කේ.එල්.චාමින්ද)
හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ ලදු කැළැවක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවකු විසින් 11 හැවිරිදි පාසල් දැරියකට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
අද (4) පස්වරුවේ දී මෙම පිහි ඇනුම සිදුවී ඇති බවත් පිහි ඇනුමෙන් තුවාල ලැබු සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සිසුවා හා සිසුවිය එගොඩගොඩ ප්‍රදේශයේ එක ළග පිහිටි නිවාස දෙකක පදිංචි වී සිටියි.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමක් දුරදිග ගොස් සිසුවිය කෑගසා තිබේ. පසුව පාසල් සිසුවා විසින් සිසුවියගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පාසල් සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.