
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් ඇය හිද සිටි අසුන මත මියගොස් සිටි අයුරු දුටු රියදුරු සහ කොන්දොස්තර මළ සිරුර රැගෙන පොලිසියට පැමිණීමේ සිද්ධියක් මහරගම පොලිසියෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් තිබුණේ ආඬි අම්බලම වල්පොල පදිංචිව සිටි අයි එම් රමයකාන්ති නැමති 52 හැවිරිදි දෙදරු මවකි.
ඇයගේ පුතෙකු අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුතුගේ සුවදුක් බැලීම සඳහා මීගමුව සිට මහරගම අපේක්ෂා රෝහල කරා කිරිඳිවැල ඩිපෝවට අයත් බස් රථයේ නැග පැමිණීමෙන් සිටියදී ඇය මෙලෙස හදිසියේ මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.
අපේක්ෂා රෝහල අසල ගමනාන්තයෙන් අනතුරුව එහි සිටි පිරිස බස් රථයෙන් බැස පිටව ගියත් එම කාන්තාව බස් රථයෙන් නොබැසිම සම්බන්ධයෙන් විමසිලිමත් වූ කොන්දොස්තරවරයා ඇය අවදි කිරීමට උත්සාහ දැරීමේදී එයට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් රියදුරු දැනුම්වත් කර බස් රථය පොලිසිය වෙත ගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි .

