බස් රියේ ගංජා ගැසූ සිව් දෙනාගේ වැඩ තහනම්


(මහින්ද නිශ්ශංක)

පෞද්ගලික බස් රථ තුළ ගංජා පානය කිරිමේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු හා කොන්දොස්තරවරුන් සිව් දෙනා සේවය කළ මාර්ග අංක 240 මීගමුව කොළඹ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ දෙකේ ධාවනය අද (9) සිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මෙම බස් රථ දෙක කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ දෙකකි. මෙම රියදුරු හා කොන්දොස්තරවරුන් සම්බන්ධ අධිකාරිය මගින් පරීක්ෂණයක් පවත්වා ඔවුනට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය.