(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ සේනානායක පිටිය අසල දි පිහියකින් ඇණ බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ රියදුරකු ඝාතනය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්වූයේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි සුජීව සම්පත් (41) නැමත්තෙකු යැයි පොලිසිය සදහන් කළේය .
මොහු රාත්‍රි බදුල්ල සේනානායක පිටිය අසල ගගබඩ පාර ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙසේ පිහිඇනුමකට ලක්වී ඇති බවත් , බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටි සිටි මොහු සුව සැරිය (1990) ගිලන් රථයක දමා ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවද පොලිසිය පැවසීය .