බස් රථයේදී සැමියා බිරිදගේ ගෙල කපලා


(සමන් පාලිත නානායක්කාර, නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න)

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ මගී  බස් රථයක් තුළදී අද (09) උදෑසන සැමියා  බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කැපීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය .

දෙදරු  මවක් වන බිරිඳ  තිස්දෙවන වියේ  පසුවන බවත් ඔවුන් බණ්ඩාරවෙල ලියංගහවෙල බලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පැවසීය.

පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇති බවත් බස් රථයේ පිටුපස ආසනයේදී සැමියා බිරිඳගේ ගෙලට පිහියෙන් ගසා ඇති බවද  පොලීසිය  පැවසීය. 

සැකකාර සැමියා මේ වන විට බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැමියා විදේශ රටක රැකියාවක් සඳහා ගොස් සිට  මෑතදී මෙරටට පැමිණ ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.