බස් ගාස්තු අඩු කෙරේ


( මහින්ද  නිශ්ශංක  )

බස් ගාස්තු  4 %  කින්  ලබන 26 වැනිදා සිට අඩු කිරීමට   පියවර ගෙන තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්පුන රණතුංග මහතා සහ බස් සංගම් අතර  අද (24) පැවැති සාකච්ඡාවේදී මෙය තීරණය වී  තිබේ.

 ඒ අනුව අවම බස් ගාස්තුව වන  රුපියල් 12 අඩු නොවන අතර  දෙවන අවම බස් ගාස්තුව වන  රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු  කෙරේ.

සෙත්සිරිපාය අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.