බසයක ගැටී අලියෙක් මරුට


(ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර)

පුත්තලම , අනුරාධපුර  මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී  සුඛෝපභෝගී බස් රථයක් අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් අලි පැටවා  එම ස්ථානයේදීම මිය ගොස්  ඇති අතර බස් රියෙහි කොන්දොස්තරවරයා  තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

අද (24)  අලුයම 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

 වන අලි පැටවාගේ ගැටුණු බස් රථය සෙල්ලන්කන්දල් රක්ෂිත  වනාන්තරයට කඩා වැදී ඇත. අනතුරින් බස් රථයටද හානි සිදුවී ඇත.

අනතුර සිදුවී ඇති ප්‍රදේශය හරහා වන අලින් නිරන්තර මාර්ගය හරහා මාරු වන ස්ථානයක්  වන අතර ,  දැනුවත් කිරීමේ පුවරුද සවි කර ඇති  නමුත් අධික වේගයෙන්  ගමන් කරන වාහන වල රියදුරන්ගේ අපරීක්ෂාකාරීත්වය හේතුවෙන් මෙවැනි අනතුරට වලට හේතුව බව ප්‍රදේශවාසීන් කියයි.

 

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)