(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේදී මගිි ප්‍රවාහන බස් රථයක් අධිබලැති විදුලි රැහැන් සහිත විදුලි කණුවක ගැටිමෙන් අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
විදුලි කණුව කැඩි මාර්ගයට වැටිම හේතුවෙන් අද (04) ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන බාධා ඇතිවු බව සමනල වැව පොලිසිය පැවැසීය.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙිමින් තිබු ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි මෙලෙස අධිබලැති විදුලි රැහැන් සහත විදුලි කණුවක ගැටි අනතුර සිදුව ඇත.ෙ
බස් රථයේ සිදු වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ධාවන වි ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පැවැසීය. කෙසේවෙතත් අනතුරින් මගිින් කිසිවෙකට හානියක් සිදුව නොමැති බව පොලිසිය පැවැසිය.
විදුලි කණුව සහ විදුලි රැහැන්වලට හානි සිදු විමත් සමග බලන්ගොඩ සිට හල්පේ හලුදුමිමුල්ල දක්වා ප්‍රදේශ රැසකට ඊයේ දහවල් වෙන තෙක් විදුලිය විසන්ධි වි තිබුණ බව ප්‍රදේශ රැසක ජනතාව පැවැසුහ.
බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

