බලු බෙහෙත් සිසුවකුට පොවලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සුනඛයින්ගේ  ලබා දෙන බවට පැවසෙන ඖෂධ වර්ගයක් පාසල් සිසුවකුට කෑමට හා වතුරට එක්කර ලබා දීම නිසා එම සිසුවා රෝගාතුරව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සේරුනුවර පොලීසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ සේරුනුවර ප්‍රදේශයේ පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම සිසුවා ඉගෙනුම ලබන පාසලේ එකම පන්තියේ සිටින සිසුවකු මෙම පෙති ලබා දී ඇතැයි මූලික   පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

සිසුවාගේ කෑමට සහ වතුර බෝතලයට මෙම ඖෂධ වර්ගය මුහු කරන අයුරු එම පන්තියේ තවත් සිසුන් පස් දෙනකු බලා සිට ඇති බවද පොලිස් පරීක්ෂණවලින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සිසුවාගෙන් පන්තියේ අයට කරදර යැයි කියමින්ඔහු අපහාසුතාවයට පත් කිරීමට මෙවැන්නක් සිදු කර ඇති බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇත.