බල්ලෝ පහක් කුසගින්නට බැල්ලියක මරාගෙන කාලා


(දිලංගා ගෝමස්)

මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක සතියක් පුරා හාමතේ සිටි වටිනා සුනඛයන් 5  දෙනකු කුසගින්න ඉවසා ගත නොහැකිව එක් බැල්ලියක මරා ආහාරයට ගනිමින් සිටියදී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

සතුන්ගේ අයිතිවාසිකම් හා පරිසරය සුරැකීමේ සංගමයේ නිලධාරීන් ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළ සිටියදී මෙම සතුන් සොයාගෙන ඇත.

ඇමරිකන්  බ්ලූ වර්ගයේ වටිනා සුනඛ‍ෙන් තිදනෙකු , ගැබ්බර බැල්ලියන් දෙදෙනකු සහ මිය ගිය ගැබ්බර බැල්ලියක මෙසේ සොයා ගෙන ඇත.

හාමතේ සිටින සුනඛයන් මැරුණු බැල්ලියගේ ශරීර කොටස් ආහාරයට ගෙන ඇත.

සුනඛයන් විකිණීමේ ව්‍යාපාරයක  යෙදෙන ගෙහිමියා  ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹින් බැහැරව ගොස් ඇත. මේ හේතුවෙන් මෙම සතුනට අවශ්‍ය  ආහාර හෝ බීමට ජලයවත් නොමැතිව සතියක් තිස්සේ හාමතේ  සිට ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය. 

ගෙහිමියා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පැවසීය.